Nov 27, 2014

Google වෙතින් තවත් ආරක්ෂක පියවරක් !

Google ආයතනය විසින් තම සේවා දායකයන්ගේ දත්ත ආරක්ෂාව සඳහා තවත් ආරක්ෂක පියවරක්  ගෙන ඇත. ඒ තම Google account එකට සම්බන්ධ වී ඇති උපාංග දැනගැනීමට හැකියාව ලබාදෙමිනි.

මෙම link මඟින් මේ මොහොතේ ක්‍රියාත්මක වන සහ පසුගිය දින 28 තුල ක්‍රියාත්මක වුණු උපාංග දැක ගත හැකි වේ. මෙහි විශේෂය වන්නේ ක්‍රියාත්මක වුණු ස්ථානය සහ වේලාව ද දැන ගත හැකිවීමයි.

googleSecurity

එමෙන්ම සැක සහිත  ක්‍රියාත්මක විමක් ඔබට දැකගත හැකිවේ නම් Secure your account මගින් මුරපද මාරු කිරීමට සහ 2-step verification සැකසුම් සකස් කිරීමට ද හැක.

මූලාශ්‍රය  http://mashable.com

No comments:

Post a Comment

Leave a Reply