Nov 21, 2011

Firefox 7.0 බ්‍රවුසයත් එයි....





     ආරම්භයේ පටන් ඉතා ස්ථාවර ජනප්‍රිය බ්‍රවුසයක් වූ මොසිල්ලා ෆයර්ෆොක්ස් බ්‍රවුසරය කෙටි කාලයක් තුලදී යාවත්කාලීන පෙළක් නිකුත් කිරීමට කටයුතු කලේය. එයට හේතු වූයේ ෆයර්ෆොක්ස් 3.5 පසු පැමිණි සංස්කරණයන්ගේ තිබුණු සැලකිය යුතු දෝෂ හේතුවෙනි. නමුත් පසුගිය මස නිකුත් වූ ෆයර්ෆොක්ස් 7.0 සංස්කරණයේ මෙම දෝෂ නිරාකරණය කර ඇතිබව මොසිල්ලා සමාගම ප්‍රකාශ කරයි. තවද දෝෂ හේතුවෙන් පහළ බසිමින් තිබූ ජනප්‍රියත්වය ඉහළ නංවා ගැනීමට නව සංස්කරණයට හැකිවනු ඇතැයි විචාරකයන්ගේ මතය යි.



Nov 7, 2011

3D පටිගත කිරීමකට.......


       ජපානයේ JVD සමාගම විසින් වෙළෙඳපොලට නවතම ත්‍රිමාණ කැම්කෝඩරයක් හදුන්වාදී ඇත. ඉහළ තීව්‍රතාවයක් යුතු ත්‍රිමාණ රූපගත කිරීමක් ලබාගත හැකි මෙම කැම්කෝඩරය Everio GS-TDI ලෙස නම් කර ඇත. මෙවැනි උසස් තත්වයේ පටිගත කිරීමක් සඳහා මෙගා පික්සල් 3.32 CMOS image sensors ද්විත්වයක් සහ ද්විත්ව විශාලනයක් ලබාදෙන කාච වලින් සන්නද්ධව පවතී'. Bluetooth., Google Map වැනි දෑ සමගින් දත්ත හුවමාරුවටද අවස්ථාවක් මෙමගින් ලබාදේ