Jul 12, 2012

Google Drive සේවාව



Google Drive යනු නව පන්නයේ දත්ත හා තොරතුරු ගබඩා කර තබා ගත හැකි Cloud ආකාරයේ වෙබ් සේවාවකි.මෙහිදි තොරතුරු ගබඩා කල හැකි මෙන්ම Sync නැතිනම් වෙනත් සේවාවන් සමඟ ද සම්බන්ධ කොට ගැනීම ද කල හැකි වීම විශේෂත්වයකි.



මෙහිදී අප හට 5 GB ධාරිතාවක් මුදල් නොගෙවා ලබාගත හැකි අතර අමතර 25 GB ධාරිතාවක් සඳහා මසකට  $2.49 ක් වශයෙන් ගෙවිය යුතුවේ.

Google Drive සේවාව ලබාගැනීම සඳහා drive.google.com වෙත යාමට සිදුවේ. එහිදී තම Google Account එක භාවිතා කරමින් Sign in විමෙන් පසු ලැබෙන (Download Drive for PC) යන්න මඟින් ඩ්‍රයිව් වැඩසටහන බාගත කරගැනීමට සිදුවේ.

ස්ථාපනයෙන් පසු ලැබෙන වින්ඩෝව භාවිතා කරමින් Google Drive වෙත පිවිස එම සේවාව රිසිසේ ලබාගැනීමට හැකිවනු ඇත.



Google Drive සේවාව මඟින් ඇති විශේෂතා

  • Online හෝ Offline දත්ත හුවමාරුව.
  • විවිධ ගොනු මාදිලි 30 කට අධික සංඛ්‍යාවක් විවෘත කළ හැකිවීම.
  • වැඩි ආරක්ෂාව.
  • උසස් තාක්ෂණීක භාවිතය.

No comments:

Post a Comment

Leave a Reply