Apr 27, 2012

Singlish වලින් සිංහල -2





සිංහල අකුරු ලිවීම තවත් පහසු කරවන අංගයක් වශයෙන් මෙම යුනිකෝඩ් එසැණින් පරිවර්තකය හැදින්විය හැකිය. කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාංශය විසින් සිංහල අකුරු ලිවීමේ කාර්යය පහසු කිරීම සඳහා මෙම යුනිකෝඩ් පරිවර්තකය නිර්මණය කර තිබේ.


මෙම පරිවර්තකය ඉතාමත් පහසුවෙන් භාවිතා කිරීමට හැකියාව ලැබේ. මෙහිදී සිදුවන්නේ Transliterated Box එක තුළ සිංග්ලිෂ් අකාරයට සාමාන්‍යය සිංහල වචන උච්චාරණය ඉංග්‍රිසියෙන් ලිවීම මගින් ඊට පහතින් ඇති Unicode box එකේ ස්වයංක්‍රීයව එයට ගැලපෙන නිවැරදි සිංහල වචනය සිංහල අකුරින් ලියවීමයි. එය  copy , paste  කර අවශ්‍යය තැනකට ලබාගත හැක.



මෙහි අක්ෂර පරිවර්තන සටහන පහත දැක්වේ.


මෙම පරිවර්තක‍යේ තවත් වාසියක් වන්නේ මෙම වෙබ් පිටුව HTML file එකක් ලෙස save කරගැනීමෙන් පසුව අන්තර්ජාල සම්බන්ධතාවය නොමැති විටක වුවද මෙම යුනිකෝඩ් පරිවර්තකය පහසුවෙන් භාවිතයට ගත හැකි වීමයි.

යුනිකෝඩ් පරිවර්තකයට
                                       http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

No comments:

Post a Comment

Leave a Reply