Nov 29, 2014

PC එකෙන් ආචාරකරවා ගැනීම!!!

පරිගනකය on කරපු ගමන් ඔබට එයින් ආචාරයක් ලැබුනොත්, පොඩි සතුටක් දැනේවි නේද? එසේ නම් ඒ සඳහා Windows මෙහෙයුම් පද්ධතිය මගින් ම ක්‍රමයක් සකසා ගත හැක. මේ සඳහා VBScript ක්‍රමලේඛණ භාෂාව භාවිතා කළ හැක. VBScript යනු Windows මෙහෙයුම් පද්ධති තුල ස්ථාපනය කර ඇති script භාෂාවකි. මෙය Windows 98 සිට සැම Windows මෙහෙයුම් පද්ධතියක් තුළම දක්නට ඇති අතර Visual Basic නියමු කරගත් Active Scripting language එකක් ලෙස හැදින්විය හැක.

පළමුව ඔබ කළ යුත්තේ පහත පරිදී ක්‍රමලේඛණය සකසා ගැනීමයි
මේ සදහා මා විසින් Programmer’s Notepad භාවිතා කර ඇති නමුත් Windows හි ඇති Notepad text editor එක ප්‍රමාණවත් ය. ඒ සඳහා,
 Start > All Programs > Accessories > Notepad භාවිතා කරන්න.





 ***Dim මඟින් ආරම්භ වන අතර Capital, simple ඒ ඒ ආකාරයෙන් භාවිතා කළ යුතුවේ.

මෙහි "Welcome buddy" ලෙස ඇති කොටස පරිගනකය මගින් කියවනු ඇසිය හැක මෙය තමාට කැමති පරිදී වෙනස් කරගත හැක. මෙහි speaks, speech යනු variable දෙකකි.

ඉහත පරිදී ක්‍රමලේඛණය කර ගැනීමෙන් පසු එය welcome.vbs ලෙස හෝ තමාට කැමති පරිදී නමක් ලබාදී .vbs දිගුව යටතේ save කරන්න.
ඉන් පසු මෙම ගොනුව startup folder එකට copy කරගත යුතුවේ. ඒ සඳහා,

C:\Documents and Settings\All Users\Start Menu\Programs\Startup (Windows XP වලට)

C:\Users\username\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup (Windows Vista, Windows 7 and Windows 8 නම්)

*** AppData hidden වී තිබේ නම් folder option මගින් එය සකසා ගත හැක.

නැතහොත් Start > All Programs > Startup folder එක මත right click කර open මගින් පහසුවෙන් Startup folder එක තුලට ගමන් කළ හැක.

මේ සියල්ලෙන් පසු පරිගනකය නැවත ක්‍රියාත්මක කරවා බලන්න ඔබේ පරිගනකය ඔබට ආචාර කරාවි.


*** Error පණිවිඩයක් ලැබේ නම් ඔබේ  ක්‍රමලේඛණයේ දෝශයක් ඇත. නිවැරදි කරගැනීමෙන් අවශ්‍ය ප්‍රතිඵල ලබාගත හැක.

No comments:

Post a Comment

Leave a Reply