Dec 2, 2014

ඔබ windows Gadgets භාවිතා කරන්නෙක් ද? එසේ නම් ප්‍රවේසම් වන්න...

ඔබ අප කවුරුත් දන්නා මෙම gadgets ඉතා ප්‍රයෝජනවත් කුඩා ක්‍රමලේඛ නැතිනම් කුඩා වැඩසටහන් ලෙස හැදින්විය හැකිය. මේවා පරිශිලකයින් නිතර භාවිතා කරන උපාංග හෝ පද්ධතියේ අවශ්‍ය තොරතුරු ඉක්මණින් පහසුවෙන්  ලබාගැනීමට හැකි කදිම වැඩසටහන් කිහිපයක් ලෙස දැක්විය හැකියි.




නමුත් අවාසනාවකට මෙම වැඩසටහන් තුළින් ඔබගේ දත්ත වල ආරක්ෂාව දැඩිලෙස අනතුරකට භාජනය කරන බව ඔබ දන්නවා ද???.
මෙම gadgets තුලින් malware සහ ඔබගේ දත්ත අයුතු ලෙස ප්‍රයෝජනයට ගන්නා පුත්ගලයන් සදහා වුව ද ඉතා පහසුවෙන් ඇතුල් වි පරිගනකයේ සම්පූර්ණ පාලනය ලබාගත හැකිවීම මෙයට ප්‍රධාන හේතුව ලෙස දැක්විය හැකියි. මේ හේතුව නිසා Windows ආයතනය විසින් gadgets සඳහා ලබාදෙන සහය දැනටමත් සම්පූර්ණයෙන් ඉවත් කර ඇති අතර Windows Vista, Windows 7 භාවිතා කරන පාරිභෝගිකයන්ගෙන් මෙම කුඩා වැඩසටහන් හැකි ඉක්මණින් අක්‍රීය කරන ලෙස නිර්දේශ දී කර ඇත.

Windows ආයතනය විසින් මෙම දෝෂ සහිත වැඩසටහන් අක්‍රීය කිරීමට ක්‍රමවේද 3ක් හදුන්වා දී ඇත.
  1. Microsoft automated Fix it මගින්
  2. System Registry භාවිතයෙන්
  3. Group Policy භාවිතයෙන්

***මෙම වෙනස් කිරීම් සිදුකිරීම සඳහා Administrator හි වරප්‍රසද පවතින user කෙනෙකු විය යුතුය.

පළමු ක්‍රමය :

මෙමගින් Microsoft ආයතනය විසින් සකසන ලද කුඩා වැඩසටහනක් මගින් ස්වයංක්‍රීයව අවශ්‍ය සැකසීම් සිදුකර ගත හැකිය ඒ සදහා පහත ලින්කුව භාවිතා කරන්න.




දෙවන ක්‍රමය :

*** කිසිවිටකත් Registry භාවිතය පිළිබද නොදැනුවත්ව මෙම ක්‍රමය භාවිතයෙන් වලකින්න.
*** Registry backup කිරිම සිදුකරන්න.

  1. Start > Run හි regedit ලෙස type කර ok කරන්න.
  2. File > Export මගින් backup file එකක් සැකසිය හැක (system restore point එකක් සැකසීමත් යෝග්‍ය වේ.).
  3. HKEY_LOCAL_MACHINE > SOFTWARE > Microsoft > CurrentVersion > Policies
  4. Policies මත right click කර New > Key හි Windows ලෙස file name එක සකසන්න.
  5. Windows මත right click කර New > Key හි Sidebar ලෙස file name එක සකසන්න.
  6. Sidebar මත right click කර New > DWORD (32-bit) Value හි TurnOffSidear ලෙස name එක සකසන්න.
  7. TurnOffSidear මත right click කර Value data හි අගය 1 ලෙස සකසන්න.

සියලු වෙනස්කම් අවසානයේ පරිගනකය restart කිරීම හෝ log off කිරීම හෝ “sidebar.exeimage එක  process menu එකෙන් ඉවත් කිරීම සිදුකරන්න.


තෙවන ක්‍රමය :

  1. Start > Run හි gpedit.msc ලෙස type කර ok කරන්න.
  2. Computer configuration > Administrative Templates > Windows Components > Windows Sidebar.
  3. Turn Off Windows sidebar සැකසුම් Enabled කරන්න.
  4. Turn Off Windows sidebar මත right click කර Properties හි Enabled ලබා දෙන්න.

සියලු වෙනස්කම් අවසානයේ පරිගනකය restart කිරීම හෝ log off කිරීම හෝ “sidebar.exeimage එක  process menu එකෙන් ඉවත් කිරීම සිදුකරන්න.



Source: technet.microsoft.com


No comments:

Post a Comment

Leave a Reply