
මෙම නව තාක්ෂණය මගින් නිවාස ස්වයංක්‍රිය කරනය
වඩාත් පහසු හා අඩු මිල ක්‍රමයක් වීම වඩාත්
ආකර්ෂණයට ලක්වී තිබේ. ස්වයංක්‍රිය විදුලි බුබුලු, ස්වයංක්‍රිය උෂ්ණ පාලක, ස්වයංක්‍රිය
දොරවල් වැනි තාක්ෂණයන් පෙර භාවිතයේ දී Wi-Fi සම්බන්ධතාවන්
සහිත උපාංග හෝ Bluetooth hub භාවිතා කල යුතු වුවත් දැන් ඊටත් වඩා පහසුවෙන්,
ඔබේ ජංගම දුරකතනයෙන් කාර්යාලයේ සිට ම හෝ මෙම ස්වයංක්‍රිය තාක්ෂණයන් හා සම්බන්ධ
විමට හැකිවීම ආකර්ෂණිය ය.
වේගය:
නව Bluetooth 4.2 සමඟින් වැඩි වේගයක් සහ
දත්ත සන්නිවේදනවේ වැඩි විශ්වාසයක් රැදී තිබේ. මෙහිදී Bluetooth ස්මාට් දත්ත පැකට්ටුවක
ධාරිතාවය විශාල කර එමගින් සාමාන්‍ය දත්ත සන්නිවේදන වේගය 2.5 ගුණයක් දක්වා
වැඩිකර ඇත. දත්ත පැකට්ටුවක ධාරිතාවය විශාල කිරීම හා දත්ත සන්නිවේදන වේගය වැඩි කිරීම තුළින් දත්ත
සන්නිවේදනයේ දී ඇති වන දෝෂ සහ උපාංගයේ බැටරි පාරිභෝජනය අවම කරගනිමින් වඩා සාර්ථක
සම්බන්ධතාවයක් ලබාදීමට Bluetooth 4.2 මගින් හැක.
අන්තර්ජාල සම්බන්ධතාවය සහ ආරක්ෂණය:
Internet Protocol Support Profile (IPSP) හරහා
IPv6/6LoWPAN පහසුකම් සහිත Bluetooth
ස්මාට් සංවේදන උපාංග හා සම්බන්ධ විමට හැක. මෙම profile එක
වසර අවසානයේ සහතික කිරිමට නියමිතයව ඇත.
Bluetooth 4.2 හි ඇති පෞද්ගලික ආරක්ෂණ ක්‍රමවේදය අඩු බැටරි
පරිභෝජනයක් කෙරෙන ලෙස නිර්මාණය වූවක් සහ Bluetooth
සඳහා වු සම්මත ආරක්ෂණ නිති අනුකුලව නිර්මාණය වි තිබේ. මෙහි ඇති ආරක්ෂණ ක්‍රමවේදයක්
ලෙස පරිශීලක අවසරයකින් තොරව කිසිවිටක් උපාංග හා සම්බන්ධ විම කළ නොහැක.

*** මෙම තාක්ෂණය ලබා ගැනිම සදහා මෘදුකාංග හා
ස්ථිරාංග යාවත් කාලීන විය යුතු අතර සමහර විශේෂාංග සඳහා තවමත් දෘඩාංග නිෂ්පාදකයන්
ස්ථිරාංග හෝ දෘඩාංග නිෂ්පාදනය කර නොමැත.
වැඩි දුරටත් Bluetooth
සඳහා වු තාක්ෂණික තොරතුරු සඳහා පහත ලින්කුව භාවිතා කරන්න
Source: bluetooth.org , arstechnica.com
No comments:
Post a Comment
Leave a Reply