Dec 25, 2014

මෙන්න real-time Cyber Attacks, Norse මගින්

අන්තර්ජාල භාවිතය වැඩිවත්ම සහ එය මගින් කළ හැකි දේ පුළුල් විමත් සමඟ මෙම සයිබර් ප්‍රහාර දිනෙන් දින වැඩිවීමක් දක්නට ලැබේ. විශේෂයෙන්ම දත්ත සොරාගැනීම, විනාශ කිරීම එමෙන්ම මෑත කාලයේ සිදුවූ හා ඇමරිකනු රජය පවා කැලඹූ Sony ප්‍රහාරය වැනි වෛරී චේතනාන්විතව සිදුකරන ප්‍රහාර තුළින් අද අන්තර්ජාලය සීතල යුද්ධයකට නැත්නම් “Digital cold war” එකකට පත් කර ඇත.




Norse යනු මෙවැනි Cyber Attacks වළක්වන සහ ඒ මගින් සිදුකරන හානි වැළැක්විමට කටයුතු කරන ප්‍රවීණ ආයතනයක් ලෙස දැක්විය හැක. දැන් ඔවුන් මෙම සයිබර් ප්‍රහාර පිළිබඳ තත්කාලීන (Real-Time) map එකක් සපයා දී තිබේ. එම ප්‍රහාර වල බරපතළ කම කෙසේ වෙතත් එක්තරා විදියක war game එකක වැනි දර්ශනයක් එහි දක්නට ඇත.

එක්තර විදියක missile ප්‍රහාර දියත් කිරීමක් වැනි මෙම cold war එක ඇමරිකාව, චීනය, රුසියාව, දකුණු කොරියාව වැනි බෙහෝ රටවල් අතර ඇති සටනක් ලෙස දැකිය හැක. කෙසේ වෙතත් Norse ආයතනයට අනුව තත්පරයකට 50,000 අධික ප්‍රහාර ගණනාවක් සිදුවේ. තවත් සංඛ්‍යා ලේඛණ බොහෝ ඔවුන් සතුව ඇත. ඒ තොරතුරු දැන ගැනීමට පහත ලින්කුව භාවිතා කරන්න.


තත්පර කිහිපයකට පසු







Source/Images: norse-corp.com, map.ipviking.com

No comments:

Post a Comment

Leave a Reply