Dec 4, 2014

Google, child-friendly මුහුණුවරකින් පැමිණීමට සැරසෙයි.

කවදත් නැවුම් බවකින් එන Google ආයතනය නව අවුරුද්දෙ දී එනම් 2015 දී තම ක්‍රියා පිළිවෙතේ විශේෂ වෙනසක් කිරීමට සැරසෙයි. එනම් Google සේවාවන් අතරින් වැඩි ආකර්ෂණය ලත් Chrome සහ YouTube සේවාවන් කුඩා ළමුන් සඳහා වඩාත් උචිත හා ආකර්ෂණීය සේවාවන් ලෙස නව මුහුණුවරක් ඔස්සේ  ලබාදීමට කටයුතු කිරීම මගිනි.


මෙම child-friendly මුහුණුවර පිළීබද Google ආයතන‍යෙන් පැතිරෙන කටකතා වල ඉහළින්ම කතා වුවත් මෙහි සත්‍යතාවය පෙන්වමින් Google ආයතන‍යේ ඉංජිනේරු අංශයේ උප-සභාපතිනිය වන පව්නි දිවාංජි (Pavni Diwanji) විසින් USA Today සමගින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවක දී හෙලි කර ඇත්තේ මෙම සැලසුම අවුරුදු 12 දක්වා වයස් වල ළමුන් ඉලක්ක කොට නිර්මාණය වන්නක් බවයි.

එම සම්මුඛ සාකච්ඡාව සඳහා Interview with USA Today භාවිතා කරන්න

නමුත් මෙම නව මුහුණුවරේ වැඩි තොරතුරක් හෝ නිකුත් කරන දිනයක් තවමත් නිවැරදිව සදහන් කර නොමැත. එහෙත් එය වැඩි කලක් නොයා නිකුත්වේ යැයි යන්න පසක් විමට ඇය මෙසේ සාකච්ඡාවේ දී ප්‍රකාශ කර ඇත.

“The big motivator inside the company is everyone is having kids, so there’s a push to change our products to be fun and safe for children”

එමෙන්ම “Thomas the Tank Engine” පිළිබද තොරතුරු ලබාගැනීම අරමුණින් “trains” යන්න Google හි search කල විට කාලසටහන් හෝ ප්‍රවේශ පත්‍ර පිළිබඳ තොරතුරු හෝ වෙනුවට ළමයෙකුට අවශ්‍ය නිවැරදි තොරතුරු ලබාදීමට මෙම නව ක්‍රමයෙන් හැකියව ලැබෙන බව ඇගේ විශ්වාසය යි.

එසේම Google ආයතනය විසින් මෙම යෝධ පියවර තැබුවොත් තවදුරටත් දෙමාපියන්ට තම දරුවන්ගේ අන්තර්ජාල භාවිතය පිළීබද කිසිවටකත් බියවිය යුතු නැත, මන්ද Google ආයතනය ඔවුන්ට ආරක්ෂාකාරී සහ ළමා මනසට ගැලපෙන තොරතුරු පමණක් ලබාදීමට වගකියන බැවිනි.



Source: USA Today, BBC News

No comments:

Post a Comment

Leave a Reply