Dec 31, 2012

පරිගනකයක දී ඔබේ දත්ත ආරක්ෂාකර ගැනීමට නම්...


වර්තමානයේ බොහෝ දෙනාට ගැටළුවක් වී ඇත්තේ තම වටිනා දත්ත අන්අයගෙන් ආරක්ෂාකර ගැනීමයි. නමුත් මෙයට පිළියමක් ලෙස ඉතා ජනප්‍රිය ක්‍රමයක් වන ගොනු සැගවීමේ (File Encryption ක්‍රමය භාවිතා කළ හැක. ඒ සඳහා ඔබට අවශ්‍ය නම් මෘදුකාංගක් භාවිතා කර හෝ නොමැතිව මුරපද යොදා ගනිමින්  තම ගොනු  සැගවීම කළ හැකිය.



අවාසනාවකට සමහර මෘදුකාංග තුළින්  ඉතා පහසුවෙන් සැගවූ දත්ත ලබාගනීමට පුළුවන. නමුත්‍ ගොනු ගුප්ත කේතන තාක්ෂණ ක්‍රමය  භාවිතා කරමින් ආරක්ෂා කළ  දත්ත කිසිවිටෙකත් අනාරක්ෂිත නොවේ.
මෙම ක්‍රමයේ දී සිදුවන්නේ දත්ත සැගවිය යුත්තා විසින් ලබාදෙන මුරපදය භාවිතා කරමින් තනාගන්නා කේත ක්‍රමක් ඔස්සේ  ගොනු ආරක්ෂා කිරීම, විශ්වාසනීය ආරක්ෂාවක් වනුයේ  කිසිමවිටක මුරපද යොදා නොමැතිව දත්ත කරා ළඟාවීමට නොහැකි වීමයි. දත්ත කරා ළඟාවීමට නම් ලබාදුන්  මුරපය නිවැරදීව ඇතුලත් කිරිම පමණි.

ඒ අනුව ඔබේ  වටිනා දත්ත අන්අයගෙන් ආරක්ෂාකර ගැනීමට සාර්ථකම ක්‍රමය වනුයේ ගොනු ගුප්ත කේතන තාක්ෂණ ක්‍රමය සහිත මෘදුකාංග භාවිතා කිරීමයි.



No comments:

Post a Comment

Leave a Reply