HTTP/2 හඳුන්වා දීම HTTP ඉතිහාසයේ ප්‍රදාන පෙරළියක් ලෙස හැදින්විය හැක. HTTP – Hypertext Transfer Protocol යනු අන්තර්ජාලයේ පියා වන
Sir Tim Berners-Lee විසින් හඳුන්වා දුන්
වෙබ් නියමාවලි යයි. මෙමඟින් server එකෙහි ඇති website එක සහ user’s
browser අතර connection හැසිරවීම සිදු කරයි.
HTTP/2 යනු Google විසින් හඳුන්වා දුන් Google’s
SPDY තාක්ෂණය ප්‍රදාන කොට ගෙන
නිර්මාණය වූ වක් වන අතර HTTP/1.1 ආකාරය ම වේ. Web address එකේ ආරම්භය “http://“ආකාරය ම වන අතර web browser එක මගින් HTTP/1.1
ද HTTP/2 ද යන්න හඳුනා ගනී. නමුත් User ට දැක ගත හැකි වන්නේ
වේගයේ වෙනස පමණි.
HTTP/2 යනු ද්විමය අකාරයේ
නියමාවලියකි (A binary protocol). HTTP/1.1 හි text
protocol භාවිතා කෙරේ. නව ක්‍රමයේ
වාසි වන්නේ වඩා කාර්යක්ෂම, වඩා සංක්ෂිප්ත, දෝෂ අවම වීමයි. HTTP/2 multiplexing ක්‍රමවේදය භාවිතා කර HTTP/1.1 හි පැවති HOL
blocking දෝෂය ද ඉවත් කර ඇත.
HTTP/2, HTTP/1.1 හා සම්පූර්ණයෙන් ම එකිනෙක ගැළපෙන ලෙස සංවර්ධනය කර ඇති අතර HTTPS භාවිතයේ දී ද HTTP/1.1 හි භාවිතා වන සියලු
ආරක්ෂණ ක්‍රම HTTP/2 හි ද භාවිතා වේ. වැඩි
දියුණුවක් ලෙස TLS (Transport Layer
Security) භාවිතා කෙරේ. එමගින්
වඩාත් ආරක්ෂිත තත්වයක් HTTP/2 තුළින් ලබා දේ.
නවතම Google Chrome හා Mozilla
Firefox යන web browsers HTTP/2 හි සියලු තාක්ෂණයන් සඳහා
සහයෝගය දක්වයි. Twitter, Facebook, YouTube, Google දැනටම HTTP/2 ක්‍රමවේදය භාවිතා කරයි.
No comments:
Post a Comment
Leave a Reply