Dec 9, 2014

Sony ආයතනයෙන් කප්පම් ඉල්ලීම.

පසුගියදා Sony Pictures Entertainment ආයතනයට සිදුවු සයිබර් ප්‍රහාරයට තෙදිනකට පෙර ඔවුන් එසේ සිදුකරන බවට email මගින් අනතුරු අඟවා තිබි ඇති බවට අනාවරණය කරගෙන තිබේ.



මෙම email පණිවිඩය Sony ආයතනයේ CEO Michael Lynton, Chairman Amy Pascal සහ අනෙකුත් විධායනයන් වෙත යවා ඇත්තේ Nov 21 වන දිනයි.
කෙසේ වෙතත් මෙම පණිවිඩය බොහෝ වැරදි සහිතව ඉංග්‍රීසි භාෂාවෙන්(broken English) ලියා ඇති අතර මූළ්‍යමය කප්පමක් ඉල්ලා තිබුණී. එය නොගෙවන්නේ නම් Sony Pictures ආයතනය විනාශ කර දමන බවට අනතුරු ද අගවා තිබේ. එහෙත් කොපමණ මුදලක් ගෙවිය යුතු ද යන්න එහි සදහන් කර නොමැත. ලිපිය අවසන් කර ඇත්තේ “GOD’sApstls” ලෙසින් ය. ඉකුත් Nov 24 වන දින Sony ආයතනයේ දත්ත සොරා ගැනිමට සහ ආරක්ෂාවන් බිද දැමීමට භාවිතා කරන ලද malware වැඩසටහන ද එනමින් ම හදුනාගෙන ඇත.

මෙම email පණිවිඩය එවා ඇත්තේ එහි සේවකයන්ට තර්ජනය කර ලද ආකාරයේම තාවකාලික Gmail ලිපිනයක් භාවිතා කරමිනි.

පහත දැක්වෙන්නේ Amy Pascal ට ලද email පණිවිඩය යි. කෙසේ වෙතත් ඇය එය කියවා නොතිබුණ බවට සඳහන් වේ.



"We’ve got great damage by Sony Pictures.
The compensation for it, monetary compensation we want.
Pay the damage, or Sony Pictures will be bombarded as a whole.
You know us very well. We never wait long.
You’d better behave wisely.
From God’sApstls"

Guardians of Peace ලෙසින් හදුන්වාගන්නා මොවුන්, Nov 24 වන දින ප්‍රහාරයෙන් පසුව එහි සමහර සේවක පරිගනක වල දක්නට ලැබූ බිය උපදවන සුළු පණීවුඩයේ සඳහන් ව තිබූ “We’ve already warned you, and this is just the beginning” යන්නෙන් අදහස් වන්නේ මෙම email පණිවිඩය ගැන බව සැක මතුවී තිබේ.






Source: mashable

No comments:

Post a Comment

Leave a Reply