Jun 4, 2012

නොමිලේ ලෙඩ සුවකර ගැනීම




               බොහෝ විට පරිගණකයක් වෛරස් ආසාදන වලට ලක්වීමට ඉඩකඩ ඇත. එම වැඩසටහන් වලින් පරිගණකය ආරක්ෂාකර ගැනීමට ඇන්ටිවයිරස් මෘදුකාංගයක් පරිගණකයේ ස්ථාපිතව තිබිය යුතුමය. මෙම ඇන්ටිවයිරස් මෘදුකාංගයක් අතර නොමිලේ ලබාදෙන සංස්කරණ ද තිබේ. එම සංස්කරණ මගින් සාමාන්‍ය කටයුතු වල යෙදෙන පරිගණක වල ස්ථාපනයට සෑහේ. 

                  මෙසේ නොමිලේ ලබාදෙන ඇන්ටිවයිරස් මෘදුකාංග අතරින් ප්‍රධාන පෙළේ මෘදුකාංග කිහිපයක් දක්නයට ලැබෙන අතර ඒවා තුළ ඇති විශේෂත්වය වන්නේ පරිගණකයට ‍වෛරස ඇතුල්වීමට නොදී Real-Time Protection වැනි විශ්වාසනීය ආරක්ෂාවක් ලබාදීමයි. 

                     මේ අතරින්,

Microsoft Security Essentials 

                            Microsoft සමාගම තම මෙහෙයුම් පද්ධතිය සඳහා ම සකස් කර ඇති එමෙන්ම Windows මෙහෙයුම්  පද්ධතියට වඩාත් හොඳ ආරක්ෂාවක් ලබාදිය හැකි නොමිලේ ලබාදෙන ඇන්ටිවයිරස් මෘදුකාංගයක් ලෙස හැදින්විය හැක.



Avast Free Antivirus 

                                      ලෝකයේ බොහෝ දෙනෙක් බාගත කර‍ගෙන ඇති නොමිලේ ලබාදෙන ඇන්ටිවයිරස් මෘදුකාංගයක් ලෙස හැදින්විය හැකිය. ස්ථාපනයෙන් මන්දගාමී නොවීම මෙම‍  මෘදුකාංගයේ විශේෂත්වයකි.


AVG Antivirus 

මැල්වෙයාස් පරිගණකයේ ස්ථාපිත නොවීමට ඉඩ ලබාදෙන නොදෙන  වඩාත් හොඳ මෘදුකාංගයකි.


Panda Cloud 

‍ මුළුමනින්ම ස්වයංක්‍රීව ක්‍රියාත්මක වන මෙම මෘදුකාංගය Cloud ක්‍රමයට ක්‍රියාත්මකවේ


Avira Free Antivirus

 E Mail Scanning වැනි විශේෂ තාක්ෂණයන් ඔස්සේ පරිගණකට හොඳ ආරක්ෂාවක් ලබාදෙයි.



මෙවැනි  මෘදුකාංග  ඔස්සේ හෝ පරිගණකට හොඳ ආරක්ෂාවක් ලබාදීම තුළින් අපගේ දත්තයන් ආරක්ෂා කර ගැනීමට හැකි වේවි.෴

No comments:

Post a Comment

Leave a Reply