Oct 6, 2015

HTTP හි නවතම සංස්කරණය වන HTTP/2, වඩා වේගවත් හා ආරක්ෂාකාරී අන්තර්ජාල භාවිතයකට



HTTP/2 හඳුන්වා දීම HTTP ඉතිහාසයේ ප්‍රදාන පෙරළියක් ලෙස හැදින්විය හැක. HTTP – Hypertext Transfer Protocol යනු අන්තර්ජාලයේ පියා වන Sir Tim Berners-Lee විසින් හඳුන්වා දුන් වෙබ් නියමාවලි යයි. මෙමඟින් server එකෙහි ඇති website එක සහ user’s browser අතර connection හැසිරවීම සිදු කරයි.


HTTP/2 යනු Google විසින් හඳුන්වා දුන් Google’s SPDY තාක්ෂණය ප්‍රදාන කොට ගෙන නිර්මාණය වූ වක් වන අතර HTTP/1.1 ආකාරය ම වේ. Web address එකේ ආරම්භය “http://“ආකාරය ම වන අතර web browser එක මගින් HTTP/1.1 HTTP/2 ද යන්න හඳුනා ගනී. නමුත් User ට දැක ගත හැකි වන්නේ වේගයේ වෙනස පමණි.

HTTP/2 යනු ද්විමය අකාරයේ නියමාවලියකි (A binary protocol).  HTTP/1.1 හි text protocol භාවිතා කෙරේ. නව ක්‍රමයේ වාසි වන්නේ වඩා කාර්යක්ෂම, වඩා සංක්ෂිප්ත, දෝෂ අවම වීමයි. HTTP/2 multiplexing ක්‍රමවේදය භාවිතා කර HTTP/1.1 හි පැවති HOL blocking දෝෂය ද ඉවත් කර ඇත.

 HTTP/2, HTTP/1.1 හා සම්පූර්ණයෙන් ම එකිනෙක ගැළපෙන ලෙස සංවර්ධනය කර ඇති අතර HTTPS භාවිතයේ දී ද HTTP/1.1 හි භාවිතා වන සියලු ආරක්ෂණ ක්‍රම HTTP/2 හි ද භාවිතා වේ. වැඩි දියුණුවක් ලෙස TLS (Transport Layer Security) භාවිතා කෙරේ. එමගින් වඩාත් ආරක්ෂිත තත්වයක් HTTP/2 තුළින් ලබා දේ.




නවතම Google Chrome හා Mozilla Firefox යන web browsers HTTP/2 හි සියලු තාක්ෂණයන් සඳහා සහයෝගය දක්වයි. Twitter, Facebook, YouTube, Google දැනටම HTTP/2 ක්‍රමවේදය භාවිතා කරයි.





No comments:

Post a Comment

Leave a Reply