Dec 12, 2011

යුඑස්බි අභියෝගය


USB නැතිනම් විශ්ව ශ්‍රේණිගත බස් කෙවෙනිය අද වන විට වඩාත් වේගවත් හා බොහෝදෙනා භාවිතයට ගන්නා දත්ත හුවමාරු තාක්ෂණයක් ලෙස හැදින්විය හැකිය. වර්තමානයේ ලොවපුරා පැතිර ඇති USB 2.0 පෝට් එකට විශාල අභියෝගයක් ගෙන ඒමට USB 3.0 එකට හැකි වී ඇත.





විද්‍යඥා අජේ භාත් සමග බාලා කඩම්බි විසින් USB සොකොට්ටුව සොයා ගත් අතර එය ඉන්ටෙල් සමාගම විසින් ලොවට හදුන්වා දෙන ලදී. 1996 ජනවාරි මාසයේ හදුන්වාදුන් USB 1.0 පොට් එකෙහි දත්ත හුවමාරු වේගය 12Mbps. නමුත් ඊටත් අභියෝග කරමින් 2000 වසරේ අප්‍රේල් මාසයේ එළිදුටු USB 2.0 හි දත්ත හුවමාරු වේගය 480Mbps කි. වර්තමානයේ  හදුන්වාදී ඇති USB 3.0 හි දත්ත හුවමාරු වේගය 4.8 Gbps කි.

එනම් 2.0 මෙන් දස ගුණයක වේගයක් ලබාදේ. එමෙන්ම වෙළෙඳපොලට නිකුත් කර අවුරුද්දක් ගතවත්ම අට කොටියක් විකිණී ඇති බව සමීක්ෂණ වාර්ථා පෙන්වා දෙයි.USB 3.0 සමඟ දත්ත හුවමාරු වේගය වෙනදා මෙන් නොව විනාඩි ගණනක් ගතවූ දේ තත්පර ගණනකට සීමා කර ගනිමින් හුවමාරු කරගත හැකි වේ..






.......෴

No comments:

Post a Comment

Leave a Reply