Oct 1, 2011

ShowWX Laser Pico Projector


ඔබ හට අමුතුම ආකාරයේ වින්දනයක් ලබාගත හැකි ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් ලෙස ShowWX Laser pico Projector හැදින්විය හැකිය. දිග අඟල් 2.36 හා උස අඟල් 0.55ක් වන මෙම කුඩා ප්‍රක්ෂේපණ යන්ත්‍රය දැනට වෙළෙඳපොලේ ඇති කුඩාම ප්‍රක්‍‍‍‍ෂේපණ යන්ත්‍රය ලෙසට හැඳින්විය හැක.

 ඕනෑම පෘෂ්ඨයක් මතට පහසුවෙන් ප්‍රක්ෂේපණය ලබාගත හැකිවේ. අඟල් 100 ක විශාලත්වයකින් යුත් WVGA resolution (848 x 480) අගයක තිරයක් ලබාදේ.
නැවත නැවත අරෝපනය කල හැකි මෙහි බැටරිය මගින් විඩියෝ දර්ශනයක් නැර‍ඹීමට හෝ ඡායාරූප එකතුවක් නැරඹීට තරම් ප්‍රමාණවත් කාලයක් ලෙස හැදින්විය හැකි පැය දෙකක ආයුකාලයක් ලබාදෙයි.