Dec 6, 2014

වැඩි දියුණු වී එන Bluetooth 4.2

The Bluetooth Special Interest Group (SIG) නිල වශයෙන් නිවේදනය කර ඇති පරිදී Bluetooth 4.2 පෙරට වඩා වැඩි වේගයක් සහ දියුණු පෞද්ගලික ආරක්ෂණ ක්‍රමවේදයක් සහිතව මෙන්ම අන්තර්ජාල නියමාවලි හරහා උපාංග සම්බන්ධ කර ගැනීමේ හැකියාවන් සමඟින් කරලියට පැමිණේ.


Dec 4, 2014

Google, child-friendly මුහුණුවරකින් පැමිණීමට සැරසෙයි.

කවදත් නැවුම් බවකින් එන Google ආයතනය නව අවුරුද්දෙ දී එනම් 2015 දී තම ක්‍රියා පිළිවෙතේ විශේෂ වෙනසක් කිරීමට සැරසෙයි. එනම් Google සේවාවන් අතරින් වැඩි ආකර්ෂණය ලත් Chrome සහ YouTube සේවාවන් කුඩා ළමුන් සඳහා වඩාත් උචිත හා ආකර්ෂණීය සේවාවන් ලෙස නව මුහුණුවරක් ඔස්සේ  ලබාදීමට කටයුතු කිරීම මගිනි.


මෙම child-friendly මුහුණුවර පිළීබද Google ආයතන‍යෙන් පැතිරෙන කටකතා වල ඉහළින්ම කතා වුවත් මෙහි සත්‍යතාවය පෙන්වමින් Google ආයතන‍යේ ඉංජිනේරු අංශයේ උප-සභාපතිනිය වන පව්නි දිවාංජි (Pavni Diwanji) විසින් USA Today සමගින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවක දී හෙලි කර ඇත්තේ මෙම සැලසුම අවුරුදු 12 දක්වා වයස් වල ළමුන් ඉලක්ක කොට නිර්මාණය වන්නක් බවයි.

Dec 2, 2014

ඔබ windows Gadgets භාවිතා කරන්නෙක් ද? එසේ නම් ප්‍රවේසම් වන්න...

ඔබ අප කවුරුත් දන්නා මෙම gadgets ඉතා ප්‍රයෝජනවත් කුඩා ක්‍රමලේඛ නැතිනම් කුඩා වැඩසටහන් ලෙස හැදින්විය හැකිය. මේවා පරිශිලකයින් නිතර භාවිතා කරන උපාංග හෝ පද්ධතියේ අවශ්‍ය තොරතුරු ඉක්මණින් පහසුවෙන්  ලබාගැනීමට හැකි කදිම වැඩසටහන් කිහිපයක් ලෙස දැක්විය හැකියි.




නමුත් අවාසනාවකට මෙම වැඩසටහන් තුළින් ඔබගේ දත්ත වල ආරක්ෂාව දැඩිලෙස අනතුරකට භාජනය කරන බව ඔබ දන්නවා ද???.

Nov 29, 2014

PC එකෙන් ආචාරකරවා ගැනීම!!!

පරිගනකය on කරපු ගමන් ඔබට එයින් ආචාරයක් ලැබුනොත්, පොඩි සතුටක් දැනේවි නේද? එසේ නම් ඒ සඳහා Windows මෙහෙයුම් පද්ධතිය මගින් ම ක්‍රමයක් සකසා ගත හැක. මේ සඳහා VBScript ක්‍රමලේඛණ භාෂාව භාවිතා කළ හැක. VBScript යනු Windows මෙහෙයුම් පද්ධති තුල ස්ථාපනය කර ඇති script භාෂාවකි. මෙය Windows 98 සිට සැම Windows මෙහෙයුම් පද්ධතියක් තුළම දක්නට ඇති අතර Visual Basic නියමු කරගත් Active Scripting language එකක් ලෙස හැදින්විය හැක.

පළමුව ඔබ කළ යුත්තේ පහත පරිදී ක්‍රමලේඛණය සකසා ගැනීමයි

Nov 27, 2014

Google වෙතින් තවත් ආරක්ෂක පියවරක් !

Google ආයතනය විසින් තම සේවා දායකයන්ගේ දත්ත ආරක්ෂාව සඳහා තවත් ආරක්ෂක පියවරක්  ගෙන ඇත. ඒ තම Google account එකට සම්බන්ධ වී ඇති උපාංග දැනගැනීමට හැකියාව ලබාදෙමිනි.

මෙම link මඟින් මේ මොහොතේ ක්‍රියාත්මක වන සහ පසුගිය දින 28 තුල ක්‍රියාත්මක වුණු උපාංග දැක ගත හැකි වේ. මෙහි විශේෂය වන්නේ ක්‍රියාත්මක වුණු ස්ථානය සහ වේලාව ද දැන ගත හැකිවීමයි.

googleSecurity

එමෙන්ම සැක සහිත  ක්‍රියාත්මක විමක් ඔබට දැකගත හැකිවේ නම් Secure your account මගින් මුරපද මාරු කිරීමට සහ 2-step verification සැකසුම් සකස් කිරීමට ද හැක.

මූලාශ්‍රය  http://mashable.com

Dec 31, 2012

පරිගනකයක දී ඔබේ දත්ත ආරක්ෂාකර ගැනීමට නම්...


වර්තමානයේ බොහෝ දෙනාට ගැටළුවක් වී ඇත්තේ තම වටිනා දත්ත අන්අයගෙන් ආරක්ෂාකර ගැනීමයි. නමුත් මෙයට පිළියමක් ලෙස ඉතා ජනප්‍රිය ක්‍රමයක් වන ගොනු සැගවීමේ (File Encryption ක්‍රමය භාවිතා කළ හැක. ඒ සඳහා ඔබට අවශ්‍ය නම් මෘදුකාංගක් භාවිතා කර හෝ නොමැතිව මුරපද යොදා ගනිමින්  තම ගොනු  සැගවීම කළ හැකිය.

Oct 7, 2012

පරිගණක ක්ෂේත්‍රයේ බලවතාගේ වෙනස් වූ මුහුණ



        එදා මෙදා තුල ඉතා විශාල නිර්මාණ සිදුකමින් කටයුතු කරන Microsoft සමාගම තම නිළ හැදුනුම් සංකේතය වෙනස් කර ඇති බව Microsoft ආරංවි මාර්ග පෙන්වාදෙයි.. මෙම වෙනසට වී ඇත්තේ එළිදැක්වීමට නියමිත නිර්මාණ වල ‍ඇති සුවිශේෂී බව නිසාය.